ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්

ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්

“අල්ලස් දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය” විසින් පැවැත්වූ විරෝධතාවයක් හේතුවෙන් අද (15) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය නැවත ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනුයි ඔවුන් එම විරෝධය සංවිධානය කර තිබුණේ.

විරෝධතාවය ආරම්භ කිරීමත් සමග පොලීසිය විසින් බැනර් හකුළා ඉවත් කළ අතර, එහිදී විරෝධතාකරුවන් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණි.

පසුව විරෝධතාකරුවන් විසින් ජනාධිපති අතිරේක ලේකම් කපිල මුණසිංහ මහතා වෙත සංදේශයක් භාරදෙනු ලැබීය.