සාපෙළ ප්‍රයෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ප්‍රකාශයට

සාපෙළ ප්‍රයෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ප්‍රකාශයට

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අනිද්දා (02 වැනිදා) සිට ලබන 12 වැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

සංගීත විෂයයෙහි ශ්‍රවණ පරීක්ෂණය ලබන 6 වැනිදා පැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පාසල් අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන්ට ද තැපැල් කර තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් යම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 1911, 0112784208, 0112786616 යන දුරකථන අංකවලට අමතන ලෙස ඉල්ලීමක් කර තිබේ.

Share This