ලාදුරු රෝගීන්ගේ වර්ධනයක්

ලාදුරු රෝගීන්ගේ වර්ධනයක්

වසරේ ගත වූ කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 264ක් අලුතින් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

ඉන් 24 දෙනෙකු අවුරුදු 15ට අඩු දරුවන් බවයි, එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලේවත්ත මහත්මිය සඳහන් කළේ.

“2023 වසරේ දී අපිට ලාදුරු රෝගීන් 1,580ක් වාර්තා වෙලා තියෙනවා. මේකෙන් වැඩි දෙනෙක් අලුතින් හඳුනාගත්ත අය. ඒ කියන්නේ 1,520ක්ම අලුත් රෝගීන්.

ඒ වගේම අපිට රෝගය වැලඳුන ළමයි ඉන්නවා 1,580න් 180ක් ඉන්නවා. ඒ කියන්නේ 12%ක පමණ ප්‍රතිශතයක් දරුවන් ඉන්නවා අවුරුදු 15ට අඩු. 2024 පළමු කාර්තුවේ දී අපි හඳුනාගත්තා රෝගීන් 274ක්.

මේකෙනුත් 264ක්ම අලුතින් හඳුනාගත් රෝගීන්. මෙතැනින් 274න් 21ක් ඒ කියන්නේ 8%ක් විතර අවුරුදු 15ට අඩු දරුවන්.

ඔවුන්ට රෝගය පැතිරවීමේ හැකියාවක් නෑ. ඒ වගේම මේ අවුරුද්දෙත් 8%ක් විතර අපට හමුවෙලා තියෙනවා ආබාධ තත්ත්වයට පත්වූ රෝගීන්.”