පැරීසියේ පිපිරීමක් – 37 කට තුවාල

පැරීසියේ පිපිරීමක් – 37 කට තුවාල

මධ්‍යම පැරීසියේ සිදුවූ විශාල පිපිරීමකින් පුද්ගලයන් 37 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි, එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රංශ අගනුවර Rue Saint-Jacques හි නිර්මාණ පාසලක් සහ කතෝලික අධ්‍යාපන පද්ධති මූලස්ථානය පිහිටි ගොඩනැගිල්ලක මෙම පිපිරීම සිදුව ඇති බවයි පැවසෙන්නේ.

අවම වශයෙන් දෙදෙනෙකු අතුරුදහන් වී ඇතැයි විශ්වාස කෙරෙන බවත් හදිසි සේවකයින් සෝදිසි කිරීමේ කටයුතු සිදුකරන බවත් විදෙස් මාධ්‍ය පවසයි.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන පරිදි පිපිරීමට පෙර දැඩි ගෑස් ගඳක් ඇතිව තිබෙන අතර ගින්න මේ වනවිට පාලනය කර ඇති බව පැරිසියේ පොලිස් ප්‍රධානී ලෝරන්ට් නුනෙස් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි බලධාරීහු පවසන්නේ.

 

Share This