වීසා දඩය ඉහළ දැමේ

වීසා දඩය ඉහළ දැමේ

නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශීකයින් සඳහා අයකරන දඩ මුදල ඉහළ දමා තිබේ.

ඒ අනුව, එම දඩය දින 7 – 14ත් සඳහා අමෙරිකානු ඩොලර් 250 දක්වා ද දින 14කට වැඩි නම් අමෙරිකානු ඩොලර් 500 දක්වා ද ඉහළ දමා ඇති බවයි, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එසේම එම දඩ මුදලට අමතරව වීසා ගාස්තු ද ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

Share This