යුධහමුදා බසයට යටවී තුන් හැවිරිදි දැරියක් මරුට

යුධහමුදා බසයට යටවී තුන් හැවිරිදි දැරියක් මරුට

යුධහමුදා බස් රථයකට යටවීමෙන් තුන් හැවිරිදි දැරියක් එම ස්ථානයේදීම මියගොස් දැරියගේ මව තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි බන්ඩාරගම පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ, රයිගම කැලේ කඩේ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසදි දෙනෙත්මා සපුගේ නැමැති තුන් හැවිරිදි දැරියයි.

බණ්ඩාරගම සමුපාකාර සමිති ප්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරිවරිය වන මියගිය දැරියගේ මව දැරිය ස්කූටරේ නංවාගෙන කාර්යාලය වෙත පැමිණෙමින් සිටියදී එම සමුපාකාර කාර්යාලය ඉදිරිපිට දී මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි.

කළුතර සිට යුද හමුදා මූලස්ථානයට සහ ආරක්ෂක අමාත්‍යාංශයට කාර්ය මණ්ඩලයේ රැගෙන යමින් සිටි බස් රථය බණ්ඩාරගම සිට කැස්බෑව දෙසට ධාවනය කරද්දී මාර්ගය මැදදී ස්කූටරයේ ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරක් සමඟ වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් බරපතළ තුවාල ලබා සිටි දැරිය සහ මව බණ්ඩාරගම දිසා රෝහල වෙත රැගෙන විත් තිබූ අතර ඒ වන විටත් දැරිය ජීවිතක්ෂයට පත්ව තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දැරියගේ හිසට බරපතළ බරපතල තුවාල සිදුවී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

Share This