ඉස්ලාමීය සටන්කාමීන් බෝට්ටුවකට එල්ල කළ ප්‍රහාරයකින් මාලි රාජ්‍යයේ 49 ක් මරුට

ඉස්ලාමීය සටන්කාමීන් බෝට්ටුවකට එල්ල කළ ප්‍රහාරයකින් මාලි රාජ්‍යයේ 49 ක් මරුට

ඉස්ලාමීය සටන්කාමීන් ඊසානදිග මාලි රාජ්‍යයේ ගංගා බෝට්ටුවකට එල්ල කරන ලද ප්‍රහාරයකින් අවම වශයෙන් සිවිල් වැසියන් 49 දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගාඕ නගරයේ සිට මොප්ටි දක්වා නයිජර් ගඟේ ගමන් කරමින් සිටියදීයි ඉස්ලාමීය සටන්කාමීන් බෝට්ටුවට ප්‍රහාර එල්ල කර ඇත්තේ.

ඔවුන් හමුදා කඳවුරකටද ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී සෙබළුන් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් සටන්කාමීන් 50 ක් පමණ මිය ගිය බවද සඳහන්.

මේ සිද්ධියෙන් පසු රජය දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මාලිහි උතුරු නගරය වන Timbuktu පසුගිය මස අග සිට අවහිර කර ඇති අතර ගමනගමන කටයුතුවලදී මෑතකදී තවත් ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබෙනවා.

මේ වනවිට යාත්‍රාව ගඟේ නිශ්චල කර ඇති අතර මගීන් ඉවත් කිරීම සඳහා හමුදාව මෙහෙයුම් දියත් කර තිබෙනවා.

2020 වර්ෂයේ සිට මාලි පාලනය කරන්නේ military junta ලෙස හඳුන්වන හමුදා පාලනයක් විසින්.

එවකට ජනාධිපතිIbrahim Boubacar Keïta එරෙහි මහජන විරෝධතාවලින් පසුව ජුන්ටාව බලය අල්ලාගත් විට එයට විශාල මහජන සහයෝගයක් හිමිව තිබෙනවා.

ආර්ථික අවිනිශ්චිතතාවය, මතභේදාත්මක මැතිවරණයක් සහ අනාරක්ෂිතභාවය නිසා ජනතාව කෝපයට පත් වී ඇත.

අල්-කයිඩා සහ ඉස්ලාමීය රාජ්‍ය සමග සම්බන්ධකම් ඇති කැරැල්ලක් 2012 දී මාලි හි උතුරේ මුල් බැස ගත්තා.

එතැන් සිට ඉස්ලාමීය සටන්කාමීන් සහේල් කලාපය හරහා වෙරළබඩ බටහිර අප්‍රිකානු ජාතීන් දක්වා ව්‍යාප්ත වූ බවයි මේ සිද්ධිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Militants attacked a river boat in Mali: 49 civilians were killed - Breaking News in USA Today

Share This