සාමාන්‍ය පෙළ ලියන්න ගිය සිසුවියන් දෙදෙනෙක් අතුරුදහන්

සාමාන්‍ය පෙළ ලියන්න ගිය සිසුවියන් දෙදෙනෙක් අතුරුදහන්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා ඊයේ (14) විභාග මධ්‍යස්ථානය වෙත පැමිණි පාසල් සිසුවියන් දෙදෙනෙකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි බව පවසමින් එම සිසුවියන් දෙදෙනාගේ දෙමව්පියන් විසින් ගිනිගත්හේන පොලිසිය වෙත පැමිණිලි කර ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසිය.

ඊයේ උදෑසන විභාගයට පෙනී සිටීම සදහා අඹගමුව ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවත්, ඉන් එක් සිසුවියක් දෙමව්පියන් සමග විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවද පැමිණිල්ලේ සදහන් කර ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

ගිනිගත්හේන අග්‍රඔය සහ නාවලපිටිය නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචි එම සිසුවියන් දෙදෙනා මිතුරියන් බවත්, විභාග මධ්‍යස්ථානය අසල දී අතුරුදහන් වූ බව පවසන සිසුවියන් දෙදෙනා එදින විභාගය ආරම්භ කිරීමට ප්‍රථම විභාග මධ්‍යස්ථානය අසල කතා කරමින් සිට ඇති බව විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් කිහිපදෙනෙකු දැක ඇති බවත්, ඉන් මද වේලාවකට පසු එම සිසුවියන් දෙදෙනා නාවලපිටිය නගරයේ නිල ඇදුමෙන් සිටින අයුරු කිහිපදෙනෙකු දැක ඇති බවට දැනට කරන ලද මුලික විමර්ශන වලද අනාවරණය වී ඇති බවයි, පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

අතුරුදහන් වූ බවට පවසන සිසුවියන් දෙදෙනාගේ ඡායාරුප සියළුම පොලිස් ස්ථාන වෙත යොමු කර ඇති බවත්, සිසුවියන් දෙදෙනාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.