‘ඔස්කාර්’ සම්මාන උළෙලට ජෝන් සීනා උපන් ඇඳුමින් ඇවිත්

‘ඔස්කාර්’ සම්මාන උළෙලට ජෝන් සීනා උපන් ඇඳුමින් ඇවිත්

96 වැනි ‘ඔස්කාර්’ සිනමා සම්මාන උළෙලට අමතක නොවන ප්‍රවේශයක් එක්කරමින් හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මානය හිමිවන්නේ කාටදැයි පැවසීමට වේදිකාවට ගොඩවූයේ ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය හොලිවුඞ් නළු ජෝන් සීනාය.

ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ රෙස්ලිං තරුවක් ද වන 46 හැවිරිදි ජෝන් සීනා වේදිකාවට පැමිණියේ නිරුවතින් වීම විශේෂත්වයකි. එය කාගේත් මවිතයට පමණක් නොව හාස්‍යයට ද හේතුවක් විය.

මෙවර ඔස්කා සම්මාන උළෙලේ දී හොඳම ඇඳුම් නිර්මාණයට හිමි සම්මානය හොලි වැඩින්ටන් විසින් දිනාගනු ලැබුවා.

ඒ, Poor Things චිත්‍රපටය වෙනුවෙන්.

මේ අතර ජෝන් සීනාගේ මෙම පැමිණීම සම්මාන රාත්‍රියට වෙනුවෙන් ඩොල්බි රංග ශාලාවර රැස්ව සිටි පිරිසේ හාස්‍යයට ලක් වුණා.

Share This