චිලී ලැව් ගින්නෙන් මියගිය ගණන 112 දක්වා ඉහළට

චිලී ලැව් ගින්නෙන් මියගිය ගණන 112 දක්වා ඉහළට

ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ වල්පරයිසෝ ප්‍රදේශයේ (Valparaíso) පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 112 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

ලැව්ගිනි දරුණු ලෙස පැතිර යන්නේ වැල්පාරිසෝ නමැති පළාතේය. විනාදෙල් මාර්, ලිමාචේ, ක්විල්යුයේ සහ විලා ඇලෙමානා යන නගරවලට ලැව්ගිනි ව්‍යාප්ත වී ඇත. ලැව්ගිනි හේතුවෙන් විනාශ වූ නිවාස ගණන 6,000 කට වැඩිය.

‍මෙම ලැව්ගින්නට හසු වී පීඩාවට පත් වූවන්ගෙන් බොහෝදෙනෙක් ගිම්හාන නිවාඩු කාලය තුළ වෙරළබඩ කලාපයට පැමිණි පිරිස බව සඳහන් වේ.

ලැව්ගිනි හේතුවෙන්, චිලී රාජ්‍යයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ගේබ්‍රියෙල් බොරික් පියවර ගෙන ඇත.

ජනාධිපති ගේබ්‍රියෙල් බොරික්, ඊයේ (04) විපතට පත් වුණු සහ නිවාස අහිමි වුණු නගර වැසියන් හමුවී සමඟ සාකච්ඡා කළේය.

රෝහල්වලට ගොස් ප්‍රතිකාර ලබන වැසියන්ගේ සුවදුක් විමසා බැලුවේය.

ලැව්ගිනි පාලනයට, විපතට පත්වූවන්ට පිහිටවීමට සහ තුවාල ලැබූවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට හැකි සෑම දෙයක්ම කරන්නැයි චිලී ජනාධිපතිවරයා අදාල බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ලැව්ගිනි වලට හසුවීමෙන් සහ දුම් ආඝ්‍රාණය වීමෙන් රෝහල්ගත කළ පිරිස දහසකට වැඩිය. චිලී රටේ වාර්තා වූ දරුණුතම ලැව්ගිනි තත්ත්වය මෙය යැයි පැවැසෙයි.

වියලි කාලගුණය සහ වියලි සුළං හේතුවෙන්, ලැව්ගිනි පාලනය කර ගැනීමට ගිනි නිවන භටයන්ට නොහැකි වී ඇතැයි ද පැවැසෙයි.

සහන කණ්ඩායම් විපතට පත්ව සිටින පිරිස බේරා ගැනීමට දැඩි පරීශ්‍රමයක් දරන බවත් විපතට පත් ප්‍රදේශවලට ළඟා වීමට අසීරූ බවත් සඳහන් වේ.

Share This