X-Press Pearl නඩුව සමථයකට පත් කරන්න නීතිපති ප්‍රධානත්වයෙන් කමිටුවක්

X-Press Pearl නඩුව සමථයකට පත් කරන්න නීතිපති ප්‍රධානත්වයෙන් කමිටුවක්

X-Press Pearl සමුද්‍ර ව්‍යසනයෙන් ශ්‍රී ලංකා මුහුදට සිදු වූ හානියට වන්දි ඉල්ලා සිංගප්පූරුවේ ගොනු කර ඇති නඩුව සමථයකට පත් කිරීම සඳහා නීතිපතිවරයා ප්‍රමුඛ විශේෂ කණ්ඩායමක් පත් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.

මෙම කමිටුව පත්කිරීමට ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලය විසින් සඳුදා (5) අනුමැතිය ලබාදී තිබුණි.

එම කණ්ඩායම සිංගප්පූරුවට ගොස් නැව් සමාගම සහ රක්ෂණ සමාගම සමඟ සාකච්ඡා කර, ඉන් අනතුරුව සමථයකට පත්වීම සඳහා සාකච්ඡා දියත් කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු පැවසීය.

නිතිපතිවරයා විසින් මෙම කණ්ඩායම මෙහෙයවනු ලබන අතර , නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, , නාගරික සංවර්ධන හා නිවාස ලේකම්, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති, ජනාධිපති අතිරේක ලේකම්, ඔස්ට්‍රේලියාවේ නීති උපදේවරුන් මෙම කණ්ඩායමට ඇතුළත් වනු ඇත.