ත්‍රීරෝද රථ දෙකක් ගැටී අයෙක් මරුට – 7ක් රෝහලට

ත්‍රීරෝද රථ දෙකක් ගැටී අයෙක් මරුට – 7ක් රෝහලට

පුත්තලම කල්පිටිය ප්‍රධාන මාර්ගයේ කුරිඤ්ඤාපිටිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව කල්පිටිය පොලීසියේ රථවාහන අංශය කියයි.

පුත්තලම නගරයේ පැවති නිදහස් දින උත්සවය නරඹා ත්‍රිරෝද රථයකින් ආපසු යමින් සිටි පිරිසක් හා කල්පිටිය ප්‍රදේශයේ සිට පැමිණි ත්‍රිරෝද රථයක් එකි නෙක වැදීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

කල්පිටිය සිට පුත්තලම දෙසට පැමිණි ත්‍රිරෝද රථයේ පිටුපස වාඩි වී සිටි පස් දෙනාගෙන් එක් අයෙක් එම ස්ථානයේදීම මිය ගියේය. අනතුරින් මිය ගොස් ඇත්තේ කල්පිටිය – මණ්ඩලකුඩාව පදිංචිකරුවෙකු වන කරීම් සාහිදු සාහුල් හමීඩ් (අවු:67 ) නම් අයෙකි.

මේ අතරතුර ත්‍රිරෝද රථ දෙකේම ගමන් ගත් හත් දෙනකු බරපතළ තුවාල ලබා කල්පිටිය රෝහලට ඇතුළත් කර ඇත.

WhatsApp Image 2024 02 05 at 10.40.02 AM 1

WhatsApp Image 2024 02 05 at 10.40.03 AM

WhatsApp Image 2024 02 05 at 10.40.04 AM