බස් රථ දෙකක් ගැටී 15ක් රෝහලට – photos

බස් රථ දෙකක් ගැටී 15ක් රෝහලට – photos

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය තිත්තවැල්මංකඩ ප්‍රදේශයේ දී නවතා තිබූ බස් රථයක තවත් බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

අද (25) අලුයම 3.45ට පමණ අනතුර සිදුව ඇති අතර, අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් 15 දෙනෙක් මේ වනවිට වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත.

මාර්ගයේ නවතා තිබු බස් රථයක වැලිමඩ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථය මුහුණට මුහුණ ගැටී ඇති බවය.

අනතුරින් වැලිමඩ – කොළඹ බස් රථයේ සිටි පුද්ගලයින් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

Share This