බුදුන්ට අපහාස කළ දේවගැතිවරයාට වැඩ වරදී – ජනපති අණින් පරීක්ෂණයක් ඇරඹේ

බුදුන්ට අපහාස කළ දේවගැතිවරයාට වැඩ වරදී – ජනපති අණින් පරීක්ෂණයක් ඇරඹේ

රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ඇතුළු බලවත් ප්‍රභූ පන්තියක් වෙත ප්‍රබල බලපෑම් කරන බව ප්‍රකට බෝන් අගේන් නිකායේ තරුණ දේවගැතිවරයෙක් වූ  ජෙරොම් ප්‍රනාන්දු නැමැති දේවගැතිවරයා විසින්  බුදුන්වහන්සේට අපහාස කරමින් ආගමික සංහිඳියාවට හානි වන ප්‍රකාශයක් කිරීම පිළිබඳ වහා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

වගකීම් විරහිත හිතළු ප්‍රකාශ නිසා ආගමික ගැටුම් නිර්මාණය වී එය රටේ සංහිඳියාවට බලපෑමක් විය හැකි බැවින් අදාළ දේවගැතිවරයා කළ ප්‍රකාශය ගැන පුළුල් පරීක්ෂණයක් කොට තමාට වාර්තා කරන ලෙසයි ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත ඉහත නියෝගය ලබා දෙමින් ජනාධිපතිවරයා ඉහත කරුණු සඳහන් කර තිබුණා.

ඒ අනුව දේවගැතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව ජනාධිපතිවරයා දුන් නියෝග පරිදි වහා පරීක්ෂණයක් අරඹන ලෙස සාගල රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

ජෙරම් ප්‍රනාන්දු නමැති දේවගැති වරයෙකු බුදුන් වහන්සේට අපහාසයක් වන ප්‍රකාශයක් කළැයි මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම නියෝගය නිකුත් කළා.

Share This