යාපනේ පැවති හරිහරන් ප්‍රසංගයේ අධික තෙරපීමක් – ප්‍රේක්ෂකයින් රැසකට තුවාල- Photos

යාපනේ පැවති හරිහරන් ප්‍රසංගයේ අධික තෙරපීමක් – ප්‍රේක්ෂකයින් රැසකට තුවාල- Photos

ඉන්දියාවේ ප්‍රවීණ සංගීතඥයෙකු වන හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) රාත්‍රියේ යාපනය ‘මුට්‍රවෙලි’ ක්‍රීඩාංගනයේ දී පැවැත්වූ ප්‍රසංගය නැරඹීමට ඉතා විශාල ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් පැමිණීම හේතුවෙන් අධික තදබදයක් ඇති වී තිබේ.

පොලිස් ආරක්ෂක රැකවල් ද බිඳ දමමින් පිරිස ප්‍රසංග භූමියට ඇතුළු වි තිබේ.

මෙහිදී ප්‍රසංගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් රැසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පොලිසිය මැදිහත් වී තත්ත්වය සමථයකට පත් කර ඇත.

දකුණු ඉන්දීය සිනමා නිළි තමන්නා, රම්බා ඇතුළු සිනමා නිළියන් හා නළුවන් රැසක් ද ප්‍රසංගයට සහභාගි වූ බව සඳහන් ය.

Gallery

Gallery

Hariharan Concert 5

Share This