දුම්රිය වැඩ වර්ජනය අවසන්

දුම්රිය වැඩ වර්ජනය අවසන්

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග පැවති සාකච්ඡා සාර්ථකවීම හේතුවෙන් දුම්රිය වර්ජනය අත්හිටුවීමට උප දුම්රිය නියාමකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව, අසනීප නිවාඩු වාර්තා කළ උප දුම්රිය නියාමකවරු නැවත සේවයට වාර්තා කරමින් සිටින බව ද වාර්තා වේ.

එමෙන්ම, සවස් වන විට දුම්රිය ධාවනය උපරිම අයුරින් සාමාන්‍ය පරිදි සිදු කිරීමට මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් ඇත.

Share This