අම්බලන්තොට වෙඩි තැබීමකින් අයෙක් මරුට

අම්බලන්තොට වෙඩි තැබීමකින් අයෙක් මරුට

අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ අද (19) අළුයම සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, නිවසකට පැමිණි පුද්ගලයින් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙලෙස එහි සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් ඇති බවයි.

වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 62ක උතුරු කඩවර, කොග්ගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෙම වෙඩි තැබීමට පැමිණි තිදෙනාගෙන් එක් අයෙක් මිය ගිය තැනැත්තා පදිංචිව සිටි නිවසේ කාමරයකට ජනේලයෙන් එබී බලමින් මරණකරුගේ පුතා පිළිබඳ සොයාබලා ඇති අතර එම අවස්ථාවේ මරණකරුගේ මිණිබිරිය අධ්‍යාපන කටයුතුවල යෙදී සිට ඇත.

එම අවස්ථාවේ මරණකරුගේ මිණිබිරිය විසින් ඔහු දැක කෑ ගසා ඇති අතර මරණකරු විදුලි පන්දමක් ද රැගෙන මේ පිළිබඳ පරික්ෂා කිරීමට පිටුපස දොරින් එළියට පැමිණි අවස්ථාවේ දී එහි රැදී සිටි පුද්ගලයන් විසින් මරණකරුට වෙඩි තබා පලා ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

Share This