“ඉමා” STF අත්අඩංගුවට

“ඉමා” STF අත්අඩංගුවට

ඩුබායි හි වෙසෙන කළණ නැමැති පාතාල අපරාධකරුගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට තුළ මෙහෙයවූ තරුණියක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (04) රාගම පොලිස් වසමේ, කුරුකුලාව, රාගම ප්‍රදේශයේ නිවසක් වටලා එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව භාරයේ සිටින පාතාල අපරාධකරුවෙක් වූ මාකිලංගමුවේ සංජීවගේ සමීප ගෝලයෙක්වන කළණ සමග සමීප සම්බන්ධතා පවත්වමින් මෙරට අපරාධ රැසකට ද සම්බන්ධ වී ඇති මෙම 27 හැවිරිදි තරුණිය “ඉමා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා ඇත.

2023.07.14 වන දින දුනුමාල ප්‍රදේශයේ වෙඩි තැබිම හා 2023.08.12 වන දින මීගමුව වෙඩි තැබිමට අදාලව ගිනි අවි කලණගේ උපදෙස් මත සඟවා රැගෙන ගොස් ඇත්තේ මෙම කාන්තාව විසින් බව හෙළිදරව් වී තිබේ.

Share This