ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර තරගය අද

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර තරගය අද

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තුන්වැනි තරගය අයර්ලන්තයට එරෙහිව අද (25) පැවැත්වේ.

තරගය මෙරට වේලාවෙන් අද දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතය.

බුලවායෝහීදී පැවැත්වෙන මෙම තරගය ක්‍රියාත්මක වන්නේ, B කාණ්ඩය යටතේයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා සහභාගී වූ තරග දෙකම ජය ගෙන B කාණ්ඩයේ පෙරමුණේ පසුවේ.

අයර්ලන්ත පිල මේ දක්වා සහභාගි වූ තරග දෙකම පරාජයට පත්ව ඇති අතර ශ්‍රී ලංකාව හමුවේ අද තරගය පරාජය පත්වුවහොත් ඔවුන්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවේ.

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර එක්දින තරගයක් අද මෙලෙස පැවැත්වෙන්නේ වසර 7කට පසුවය.

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර මේ දක්වා එක්දින තරග 4ක් පවත්වා ඇති අතර එම තරග 4ම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

මේ අතර B කාණ්ඩයේ තවත් තරගයක් බුලවායෝහීදීම අද පැවැත්වීමට නියමිතව ඇත.

ඒ ස්කොට්ලන්තය සහ ඕමානය අතරයි.

ඔවුන් පිළිවෙලින් B කාණ්ඩයේ දෙවන සහ තුන්වන ස්ථානවල රැදී සිටී.

Share This