web hit counter
පළාත් රැසකට අදත් තද වැසි

පළාත් රැසකට අදත් තද වැසි

දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, දකුණු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී ද වැසි වැසි ඇතිවිය හැකි අතර මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක තද වැසිද ඇති විය හැකියි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )