කුලී මිනී මරන්නෙක් පොලීසියට කොටුවෙයි

කුලී මිනී මරන්නෙක් පොලීසියට කොටුවෙයි

මුදලට පුද්ගලයන් කපා කොටා ඝාතනය කිරීමේ නිරත කුලී මිනිමරුවෙකු මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබී මන්නා පිහි 05, කඩු 03 ක්, සහ පිහියක් මොරටුව පොලිස් බාරයට ගෙන ඇත.

මොරටුව ප්‍රදේශයේ දී ගෝලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ සිදුකළ විමර්ශනයේදී ඊයේ (24) මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු කුලියට මිනී මරන්නෙකු බවට හෙළි කරගෙන ඇත.‍

සැකකරු මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචි (30) පුද්ගලයෙකු වන අතර ඔහු අද මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Share This