රතුපස්වල නඩු තීන්දුව අද

රතුපස්වල නඩු තීන්දුව අද

2013 වසරේදී පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මීට වසර 11කට පෙර මෙම සිදුවීම වාර්තා වූ අතර, නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි.

එවක අගවිනිසුරුවරයා විසින් ගම්පහ මහාධිකරණ විනිසුරු නිශාන්ත හපුආරච්චි ඇතුලු‍ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නඩු කටයුත්ත විභාග කිරීම සදහා පත් කරනු ලැබීය.