රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ධුරයට

රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ධුරයට

හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.

ඒ, අනුව ලබන අගෝස්තු පළමු වැනිදා සිට මෙම පත්කිරීම බලපැවැත්වේ.

ඔහුට මීට පෙර චීනයේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාරගන්නා මෙන් ආරාධනා ලැබී තිබුණ ද ඔහු එම අවස්ථාව ප්‍රතික්ෂේප කර තිබුණි.

බෝගොල්ලාගම මහතා 2017 ජූලි සිට 2018 දෙසැම්බර් දක්වා නැඟෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළේය.