නීති විරෝධී ගිනි අවි ගැන ඔත්තු දෙන්නන්ට දෙන තෑගි මුදල වැඩිකෙරේ

නීති විරෝධී ගිනි අවි ගැන ඔත්තු දෙන්නන්ට දෙන තෑගි මුදල වැඩිකෙරේ

දිවයින පුරා සංසරණය වන නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ අත්අඩංගුවට ගනීම සදහාත් එලෙස වැටලීම් සිදු කරන පොලිස් නිලධාරීන් සහ පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීම සදහාත් පොලිස් ත්‍යාග අරමුදලින් ගෙවනු ලබන ත්‍යාග මුදල් වැඩි කර ගෙවීමට පොලිස්පතිවරයා තීරණය කර තිබේ.

ඒ අනුව අද (25) සිට ලබන ජූලි 31 වැනිදා දක්වා කාලය තුළ සිදුකරන වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම් සඳහා මෙම ත්‍යාග මුදල් ගෙවීම සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනු ලබයි.

ටී 56 ගිනිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී රුපියල් 250,000ක මුදලක් ත්‍යාග ලෙස පොලිස් නිලධාරියා ට ලබාදීමට නියමිත අතර එහිදී පුද්ගලික ඔත්තුකරුට ද රුපියල් 250,000ක මුදලක් ලබාදීමට නියමිතය.

සැකකරුවෙකු නොමැතිව ගිනිඅවියක් පමණක් අත්අඩංගුවට ගැනීමේදී රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබාදෙන අතර එහිදී පුද්ගලික ඔත්තුකරුට රුපියල් 250,000ක මුදලක් ලබාදීමට තීරණය කර තිබේ.

මේ ආකාරයට විවිධ වර්ගයේ තුවක්කු පතොරම් සහ අත්බෝම්බ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ලබාදෙන ත්‍යාග මුදල් වැඩිකිරීමට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී තිබේ.