පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

2023 වසරේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමු අදියර හෙට (22) දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව, තෙවන පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස 01 වන දින ආරම්භ වීමට නියමිතය.

නව වසරේ පළමු පාසල් වාරය පෙබරවාරි මස 19 වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර සඳහන් කළේය.

Share This