පේදුරුතුඩුව රෝහලේ තිබුණු කොණ්ඩම් පෙට්ටියම හොරු අරන් ගිහින්

පේදුරුතුඩුව රෝහලේ තිබුණු කොණ්ඩම් පෙට්ටියම හොරු අරන් ගිහින්

යාපනය පේදුරුතුඩුව රෝහලේ තබා තිබූ කොන්ඩම් 600 ක් සමග වූ විශේෂ පෙට්ටිය හොරු ගෙන ගොස් ඇති බව රෝහලේ වෛද්‍යවරු ඊයේ (20) පොලීසියට ප්‍රකාශ කර තිබේ.

සමාජ රෝග වැළක්වීමටත් ඒඩ්ස් රෝගයෙන් ආරක්ෂාව වීම සදහාත් මෙම කොන්ඩම් පෙට්ටිය සහන සැලසීමක් ලෙස ලෝක එඩ්ස් දිනය යෙදී තිබූ දෙසැම්බර් මස 1වන දා පේදුරුතුඩුව රෝහලේ ස්ථාපිත කර ඇත.

යාපනය ශීක්ෂණ රෝහලේ සංකල්පයක් මත යාපනයේ සෑම රෝහලකටම මෙවැනි කොන්ඩම් අඩංගු කළ විශේෂ පෙට්ටි ලබා දී තිබූ අතර ඉන් අවශ්‍ය අයෙකුට කොන්ඩමයක් නොමිලේ ලබා ගැනීම සඳහා පහසුකම් සලසා දී තිබුණු බව වෛද්‍යවරු ප්‍රකාශ කරති.

මේ අතරවාරයේ කිසියම් කෙනෙකු විසින් මුලු කොන්ඩම් පෙට්ටියම හොරා ගෙන ගොස් තිබේ.

Share This