උ/පෙළ ප්‍රතිඵල නිකුත් වෙන දිනය

උ/පෙළ ප්‍රතිඵල නිකුත් වෙන දිනය

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මස 10 වනදාට පෙර නිකුත් කිරීමට නියමිතව ඇත.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මේ බව පැවසීය.

2022 (2023) අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා මීට පෙර ප්‍රකාශ කළේ.

ජනවාරි මස 23වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා මෙවර පැවති විභාගයට පාසල් අයදුම්කරුවන් 278196ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 53513ක් පෙනී සිටියා.

 

Share This