දින 05කට පසු බැංකු සහ කොටස් වෙළඳපොළ ගණුදෙනු ඇරඹේ

දින 05කට පසු බැංකු සහ කොටස් වෙළඳපොළ ගණුදෙනු ඇරඹේ

දින පහක දීර්ඝ නිවාඩුවකින් පසුව බැංකු සහ කොටස් වෙළඳපොළ සාමාන්‍ය පරිදි අද (04) සිට විවෘත කිරීමට නියමිතයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා බැංකු ඉකුත් බ්‍රහස්පතින්දා (29) සිට වසා තැබුණි.

බැංකු වසා තැබීමට සමගාමීව කොළඹ කොටස් වෙළඳපොළද දින පහක් තිස්සේ වසා තැබිණ.

ඒ අනුව, අද සිට රට පුරා සියලු බැංකු ශාඛා වෙතින් ගනුදෙනුකරුවන්ට සාමාන්‍ය පරිදි බැංකු සේවය ලබාදීමට නියමිත අතර කොටස් වෙළෙඳපොළ ද අද සිට ක්‍රියාත්මක වේ.

Share This