මහනුවර ප්‍රධාන පාසලක රගර් පුහුණුකරු හෙරොයින් සහ මත්පෙති 4100 ක් සමග පොලිසියට කොටු

මහනුවර ප්‍රධාන පාසලක රගර් පුහුණුකරු හෙරොයින් සහ මත්පෙති 4100 ක් සමග පොලිසියට කොටු

මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක බාහිර රගර් පුහුණුකරුවෙකු ලෙස සිටි රත්නායක මුදියන්සේලාගේ ආකාෂ් නවරත්න (අවු. 22) නැමැති අයෙකු හෙරොයින් 02g ක් සහ මත්පෙති 4,100 ක් සමග මහනුවර අඹතැන්න ප්‍රදේශයේදී අලවතුගොඩ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර ගුරුවරයා අඹතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මීට මාස 06 කට පමණ පෙර මෙම පාසලට බාහිර පුහුණුකරුවෙකු ලෙස එක්ව ඇත.

මොහු යුධ හමුදා සේවා බලකායට අනුයුක්තව පනාගොඩ කදවුරේ සේවය කර මේ වන විට යුධ හමුදා සේවයෙන් පලාආ අයෙකු බවටයි වැඩිදුර විමර්ශන වලදී පොලිසිය වෙත අනාවරණය වී ඇත්තේ.

Share This