රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් හෙට (19) වර්ජනයක

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් හෙට (19) වර්ජනයක

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් හෙට (19) දිනයේ දී වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

රෝහලේ ඇති ගැටළුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් විසින් දිගින් දිගටම කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

හෙට දිනයේ සිදුකරන මෙම වර්ජනයට රෝහල් අධ්‍යක්ෂවරයා වගකිව යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.