web hit counter
අවිස්සාවේල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

අවිස්සාවේල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

අවිස්සාවේල්ල ඉහළතල්දූවේ දී අද අලුයම සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලැබූවන්ගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසියි.

අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

යතුරු පැදියකින් ආ දෙදෙනකු ටී.56 ගිනිඅවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇති අතර වෙඩි ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

වයස අවුරුදු 27 සහ 36 දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. තුවාල ලැබූවන් දැනට අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය පවසයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )