ජනපති අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

ජනපති අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිය ඇමතීමට නියමිතව තිබෙනවා.

ජගත් මහා මණ්ඩල සැසිය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී පසුගිය 18 වැනිදා ආරම්භ වූ අතර, එහි නිමාව අද සනිටුහන් කෙරෙනවා.

“2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍ය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව සංවර්ධන ඉලක්ක ජය ගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරිම සදහා විශ්වාසය යළි ගොඩනැගීම සහ ගෝලිය සහයෝගීතාව යළි ඇති කිරිම“ මෙවර සමුළුවේ තේමාවයි.

සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ මෙරටින් නියෝජිතයින් පිරිසක් එක්ව ඇති අතර, ලෝක නායකයින් පසුගිය දින කිහිපය පුරාවට සැසිවාරය අමතනු ලැබුවා.