![දවසේ ලග්න පලාපල -2023 සැප්තැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා දවසේ ලග්න පලාපල -2023 සැප්තැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2023/09/f-11.jpg?quality=100&f=auto)
දවසේ ලග්න පලාපල -2023 සැප්තැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා
රාහු කාලය
1:34 pm – 3:06 pm
සුභ දිශාව
උතුර
මරු සිටින දිශාව
දකුණ
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/mesha.jpg?quality=100&f=auto&quality=100&f=auto)
මේෂ
ක්‍රියාශීලී දිනකි. සුළුවෙන් හෝ ගමන් බිමන් යෙදෙන අතර ප්‍රීති සාද මංගල සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා ද යෙදේ. සතුරන් දමනය වෙයි. විනෝදජනක ක්‍රියා යෙදේ. ස්නායුගත රෝග මතුකරයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/wushaba.jpg?quality=100&f=auto&quality=100&f=auto)
වෘෂභ
ශුභවාදී ඵල මතුකරයි. පොදු වැඩ, සමාජ සත්ක්‍රියා ආදියෙහි යෙදේ. ප්‍රීති උත්සව යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ද ඉහළ යයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග ද මතුවේ.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/mithuna.jpg?quality=100&f=auto&quality=100&f=auto)
මිථුන
අවිවේකී දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් ද ඇතිවෙයි. ප්‍රීති සාද යෙදේ. මිල මුදල් ගනුදෙනුවලදී දුරදිග බලා ක්‍රියාකළ යුතුයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වන කරුණු යෙදේ. ඌෂ්ණ රෝග, සෙම් රෝග මතුවේ.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/kataka.jpg?quality=100&f=auto&quality=100&f=auto)
කටක
තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියාකරයි. තම නිවස උත්සවශ්‍රියාවක් ගෙනදෙයි. නවක මිතුදම් ද ඇතිවෙයි. සතුරු බලපෑම් යටපත් වෙයි. තම වටිනාකම ඇසුරු කරන්නන් අතර ප්‍රචාරය වෙයි. සිරසගත රෝග ද මතුකරයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/sinha.jpg?quality=100&f=auto&quality=100&f=auto)
සිංහ
විනෝදයෙන් දවස ගෙවයි. ප්‍රීති සාදවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම්, ප්‍රේම සබඳතා වැනි දේවලට හේතුයි. වියපැහැදම් අධික වන අතර ණයතුරුස් වීමට ද හේතුයි. හන්දි ප්‍රදාහ රෝග සාදයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/kanya.jpg?quality=100&f=auto&quality=100&f=auto)
කන්‍යා
ශුභ ඵල දෙයි. තුරඟ තරග ජයගනී. විනෝද ගමන්, වන්දනා ගමන් වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. දහමට ලැදිව ක්‍රියාකරයි. තම ඥාතීන් අතර කැපී පෙනෙන චරිතයකි. සිරසගත රෝග මතුකරයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/thula.jpg?quality=100&f=auto&quality=100&f=auto)
තුලා
ශුභාශුභ මිශ්‍ර ඵලදායක වෙයි. ප්‍රීති සාද වැනි දේවලට සහභාගි වෙයි. නවක මිතුදම් මත ක්‍රියාකරයි. තරමක් මනසට අවිවේකය මතුකරයි. කතාවේදී, ක්‍රියාවේදී දෙවරක් සිතා බැලීම මැනවි. ආමාශගත රෝග මතුවේ.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/wushchika.jpg?quality=100&f=auto&quality=100&f=auto)
වෘශ්චික
ශුභාශුභ ඵල දරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර තම අරමුණු ජයගනී. ආගමික වතාවත් ගරුකර ක්‍රියාකරයි. නව යාන වාහන මිලට ගැනීමට විකිණීමකට හේතුයි. ඉදිමුම් රෝග, මුත්‍රා ආසාදන රෝග සාදයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/danu.jpg?quality=100&f=auto&quality=100&f=auto)
ධනු
ශුභාශුභ මිශ්‍ර පල දෙයි. සුහදතා වර්ධන ක්‍රියා, පොදු සේවා කටයුතු ආදියෙහි යෙදේ. යටපත්ව තිබූ මිතුදම් වර්ධනය වන කරුණු කාරණා ද යෙදේ. හදිසි ගමන් යෙදේ. මුත්‍රා රෝග, මේහ රෝග මතුකරයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/makara.jpg?quality=100&f=auto&quality=100&f=auto)
මකර
අවිවේකී බව ඇති කරයි. ගමන් බිමන් වලදී ප්‍රවේසම මැනවි. දුරස්ථව තිබූ ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. හදිසි ලාභ ලැබීම් ඇතිවෙයි. සන්ධි ප්‍රදාහ රෝග මතුකරයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/kumbha.jpg?quality=100&f=auto&quality=100&f=auto)
කුම්භ
ක්‍රියාකාරකම් බහුල වෙයි. ප්‍රීති උත්සව සාද සංවිධානයට හෝ සහභාගි වීමට හේතුයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වෙයි. නව නිර්මාණකරණයට ශුභයි. උගතුන්ගෙන් උදව් උපකාර ලබයි. සෙම්කෝප රෝග සාදයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/meena.jpg?quality=100&f=auto&quality=100&f=auto)
මීන
ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. ගමන් බිමන් බහුල වන අතර නිශ්ඵල වියදම් ඇතිවෙයි. ප්‍රීති සාදවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. මහජන ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. මූල අර්ශස් රෝග වර්ධනය වේ.