එක් පුද්ගලයෙකුට මාසයක් ජීවත් වීමට අවශ්‍ය මුදල ගැන හෙළිදරව්වක්

එක් පුද්ගලයෙකුට මාසයක් ජීවත් වීමට අවශ්‍ය මුදල ගැන හෙළිදරව්වක්

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින, 2023 ජුලි මාසයට අදාළ මාසික දරිද්‍රතා රේඛා සටහන මේ වන විට නිකුත් කර ඇත.

මෙරට එක් පුද්ගලයෙකු සිය අවම මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මාසයක් තුළ දැරිය යුතු වියදම දැක්වෙන්නේ රු. 15,978 ක් ලෙස එහි සඳහන් වේ.

ජාතික අගයයක් ලෙසින් දැක්වෙන මෙම වටිනාකම පසුගිය 2023 ජූනි මාසයේ දී රු. 16,089 ක් ලෙසින් සටහන්ව තිබුණි.

2023 ජූලි මාසයේ ඉහත අගයයට අනුව සිව්දෙනෙකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම රු. 63,912 ක් වනු ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මෙම වාර්තාවට අනුව සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන අයෙකුටයි. එය රු. 17,233 කි. 2023 ජූනි මාසයේ දී මෙම අගය රු. 17,352 ක් ලෙසින් සටහන්ව ඇත.

මෙහි අවම අගය වාර්තා වන්නේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම අගය රු. 15,278 ක් වේ. 2023 ජූනි මාසයේ දී මෙම අගය රු. 15,383 ක් ලෙසින් වාර්තා වී තිබුණි.

Share This