ප්‍රවීණ චිත්‍රපට සංස්කරණ ශිල්පි එම්.එස්.අලිමාන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ චිත්‍රපට සංස්කරණ ශිල්පි එම්.එස්.අලිමාන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ චිත්‍රපට සංස්කරණ ශිල්පියකු වූ එම්.එස්.අලිමාන් මහතා අද අභාවප්‍රාප්ත විය.

මිය යන විට 77 වන වියේ පසු වූ ඔහු දෙදරු පියෙකි.

ඔහු සංස්කරණය කළ චිත්‍රපට අතර කොටි වලිගය, නොම්බර 17,සඳකඩ පහණ, කළුසුදු මල්, ඔබටයි ප්‍රියේ ආදරේ, රජවැඩකාරයෝ, ලෙෆ් රයිට් සහ පයිලට්, ප්‍රේමනාත් ද වේ.

අවසන් කටයුතු මල්වාන උල්හිටුවල මුස්ලිම් පොදු සුසාන භූමියේ දී අද සවස සිදු කෙරේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )