ශ්‍රී ලංකාවට ලකුණු 117ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 117ක ඉලක්කයක්

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර අද (25) පැවැත්වෙන තරගයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 116ක් ලබා ගත්තේය.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට චීනයේ හැන්ග්ෂු හිදී ආරම්භ විය.

එහිදී ආරම්භක පිතිකරිණියක වූ ස්මෘති මන්දනා ලකුණු 46ක් රැස්කළ අතර, ජෙමිමා රොඩ්රිගස් ලකුණු 42ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර ඉන්දීය ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමූ අතර, සුගන්දිකා කුමාරි සහ උදේශිකා ප්‍රබෝධනී ද කඩුලු දෙක බැඟින් දවාගත්තා.

ඒ, අනුව මෙම අවසන් මහා තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 117ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ අවසන් මහා තරගය සඳහා පාකිස්ථානය පරාජයට පත්කරමින් ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගත්තා.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලබාගත්තේ බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින්

Share This