කොටි සංවිධානයට පනවා තිබූ තහනම ගැන ගත් තීරණය

කොටි සංවිධානයට පනවා තිබූ තහනම ගැන ගත් තීරණය

LTTE කොටි ත්‍රස්ත සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට ඉන්දීය රජය අද (14) තීරණය කර තිබේ.

එම සංවිධානය තවදුරටත් රටේ ඒකීයභාවයට සහ ආරක්ෂාවට එරෙහිව අගතිගාමී ක්‍රියාකාරකම්වල නිරතවන බව ඔවුන්ගේ මතය බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි, එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

එසේම 2009 වර්ෂයේ මැයි මාසයේදී ශ්‍රී ලංකාව තුළදී LTTE කොටි ත්‍රස්ත සංවිධානය ලද පරාජය සමග ඔවුන් ‘ඊළාම්’ සංකල්පය තවදුරටත් අත්හැර නොමැති බවද එම නිවේදනයේ සඳහන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම එම LTTE කොටි ත්‍රස්ත සංවිධානය සඳහා අරමුදල් රැස්කිරීම සහ ‘ඊළාම්’ සංකල්පය සඳහා රහසිගත අයුරින් කටයුතුවල නිරතවන බවද එම නිවේදනයේ සඳහන් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

LTTE කොටි ත්‍රස්ත සංවිධානය ඉන්දියාව තුළ මෙන්ම විශේෂයෙන් තමිල්නාඩු හි ජනතාව අතර සිය බෙදුම්වාදී මතය අඛණ්ඩව ප්‍රචාරය මේ හේතුවෙන් අවසානයේ සමස්ත ඉන්දීයාවේ භෞමික අඛණ්ඩතාවයට බලපෑම් එල්ලකර ඇති බවත් මේ වනවිට නිරීක්ෂණය වී ඇති බවත් එම මාධ්‍ය වාර්තාවන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share This