විදුලි පාරිභෝගිකයන්ට විශේෂ දැනුම් දීමක්

විදුලි පාරිභෝගිකයන්ට විශේෂ දැනුම් දීමක්

විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන ‘ඊ බිල්පත්’ සේවාව සඳහා ලියාපදිංචි වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.

ලංකා විදුලිබල මණ්ඩලයේ http://ebill.ceb.lk වෙබ් අඩවිය ඔස්සේ පාරිභෝගිකයන්ට ලියාපදිංචි විය හැකි බවත් එසේ නොමැති නම් 1987 අංකයට දුරකථන කෙටි පණිවුඩයක් යොමුකිරීමෙන් ද ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි විය හැකි බවත් එම මණ්ඩලය සඳහන් කරයි.

ඒ සඳහා ඔබගේ දුරකථන අංකයෙන් EBILL<හිස්තැනක්>විදුලි ගිණුම් අංකය<හිස්තැනක්>විද්‍යුත් තැපැල් ලිපිනය ලෙස සඳහන් කර 1987 අංකය වෙත කෙටි පණිවුඩයක් (SMS) යොමුකළ යුතුවෙයි.

දෙහිවල, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර මාතර සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල පාරිභෝගිකයන්ට ‘ඊ බිල්පත්’ මේ වන විටත් නිකුත් කරන අතර එම සේවාව ඉදිරි මාස කිහිපය තුළ සමස්ත රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව, මුද්‍රිත බිල්පත් මුළුමනින්ම නතරකිරීම මෙම ක්‍රමවේදයේ මූලික අරමුණ වී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙම සේවාව ඉදිරි මාස කිහිපය ඇතුළත දිවයින පුරා විදුලි පාරිභෝගිකයින් වෙත සැපයීම අරමුණ වී ඇති බවය.

Share This