උඩවලව සහ යාල වනෝද්‍යාන වසා දැමීම ගැන තීරණය අද

උඩවලව සහ යාල වනෝද්‍යාන වසා දැමීම ගැන තීරණය අද

වියළි කාලගුණ තත්ත්වය හමුවේ උඩවලව සහ යාල වනෝද්‍යාන සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.

වනජීවී දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අද දිනයේ වනජීවී අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

උඩවලව සහ යාල වනෝද්‍යාන සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමිම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අවසන් තීරණයකට එළඹෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත් පවතින වියළි කාළගුණ තත්ත්වය හමුවේ උඩවලව සහ යාල වනෝද්‍යාන වසා දැමිය යුතු බවට මේවනවිටත් නිර්දේශ ඉදිරිපත් කර ඇත.