කුවේට් රාජ්‍යයේ දී ශ්‍රී ලාංකිකයෙකුට මරණ දඬුවම

කුවේට් රාජ්‍යයේ දී ශ්‍රී ලාංකිකයෙකුට මරණ දඬුවම

කුවේට් රාජ්‍ය විසින් සිරකරුවන් 05 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙලෙස මරණ දඬුවම ක්‍රියාත්මක වූ පුද්ගලයින් පස්දෙනා අතර ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද සිටින බවයි වාර්තා වුණේ.

2015 වසරේ දී පුද්ගලයින් 27 දෙනෙකුට මරු කැඳවමින් ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙක්ව සිටි අයෙකු ද මෙම පුද්ගලයින් පස්දෙනා අතර වනවා.

අනෙක් සිරකරුවන් තිදෙනා මිනීමැරුම් සම්බන්ධයෙන් වරදකරුවන් වූ තිදෙනෙකු බවයි වාර්තා වන්නේ.

මෙම සිරකරුවන් පස්දෙනා ඊයේ (27) කුවේට් හි මධ්‍යම බන්ධනාගාරයේදී එල්ලා මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ