ලෙබනනයට යෑමෙන් වළකින්නැයි අමෙරිකාව සිය ජනතාවට දැනුම්දෙයි

ලෙබනනයට යෑමෙන් වළකින්නැයි අමෙරිකාව සිය ජනතාවට දැනුම්දෙයි

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ ඇරැඹි යුද ගැටුම්, දකුණු දිග ලෙබනනයටත් පැතිර ගොස් ඇති බැවින්, ලෙබනනයට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රැසක් ඔවුන්ගේ වැසියන්ට අනතුරු අඟවා තිබේ.

මේ වනවිටත් ඊශ්‍රායල හමුදා ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන තිබේ.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට මූල්‍ය අනුග්‍රහය ලබා දෙන්නේත්, අවි ආයුධ ලබා දී අවි පුහුණුව ලබා දෙන්නේත් ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයයි.

පසුගිය 7 වැනිදා දේශසීමා හරහා ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන් හමාස් සටන්කාමීන් අතර ලෙබනන් හිස්බුල්ලා සාමාජිකයන් ද සිටි බව ඊශ්‍රායල බුද්ධි අංශය අනාවරණය කරගෙන තිබේ.

Share This