සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි

සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.

ඒ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවය.

වෑවලගේ රශ්මි නුවන් නමැති මෙම සැකකරු අංක 141/1 වැල්ලවීදිය, මීගමුව යන ලිපිනයේ පදිංචි අයෙකු බව පොලිසිය සදහන් කරයි.

මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සදහන් දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Share This