යුද්ධයේ දී මියගිය අය සමරුවයි කාන්තාවන් තිදෙනෙක් පොලිසිය ඇදගෙන ගිහින්

යුද්ධයේ දී මියගිය අය සමරුවයි කාන්තාවන් තිදෙනෙක් පොලිසිය ඇදගෙන ගිහින්

යුද්ධයේ අවසන් අදියරේදී 2009 වසරේ මුල්ලිවයිකාල් හිදී ඝාතනයට ලක්වූ දෙමළ ජනතාව සිහිකර කැඳ සංග්‍රහයක් කළ කාන්තාවන් තිදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාන්තාවන් අත්අඩංගුවට ගැනීමේදී පොලිසියේ නිලධාරීන් අමානුෂික ලෙස හැසිරුණු බවට ප්‍රදේශ වාසීන් චෝදනා කරයි.

මුල්ලිවයිකාල් මරණ නිමිත්තෙන් කිසිදු අනුස්මරණ උත්සවයක් පැවැත්වීම වළක්වමින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බව පවසමින් පොලිසිය එම කාන්තාවන් බලහත්කාරයෙන් ඇදගෙන යන අයුරු අවට සිටි පිරිස රූගත කළ වීඩියෝ දර්ශනවල දැක්වේ.

මෙම කාන්තාවන් තිදෙනා සමඟ කැඳ බෙදාදීමේ උත්සවයට සහභාගි වූ පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.