විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර බස් එළවන රියදුරන්ට වැඩ වරදී

විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර බස් එළවන රියදුරන්ට වැඩ වරදී

මගී ජීවිත අනකුරේ හෙළමින් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර බස් රථ ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා බස්නාහිර පළාත ආවාරණය වන පරිදි විශේෂ මෙහෙයුම්ක් ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

ගත වු දින දෙක තුළ සිදුකළ මෙහෙයුම් වලින් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් බස් රථ ධාවනය කළ රියදුරු 15 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

රියදුරන් බොහොමයක් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් බස් රථ හා වෙනත් වාහන ධාවනය කරන බවට ලද පැමිණළි අනුව මෙම මෙහෙයුම සිදුකළ බව හෙතෙම කීය.

මෙතෙක් ශ්‍රි ලංකාව තුළ මත්පැන් පානය කර රථවාහන ධාවනය කරන රියදුරන් ඇල්කො ලයසිර් නළ භාවිතා කරමින් අත්අඩංගුවට ගෙන , වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත් කළ ද , ,විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට ක්‍රමවේදයක් නොතිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මාර්ග ආරක්ෂාව බාර ජාතික සභාව විසින් ඒ සදහා අවශ්‍ය මුදල් ලබා දීමේන් පසුව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ඒ සදහා විශේෂ පරික්ෂා කිරීමේ නළ කට්ටල පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබා දීමෙන් පසුව මෙම රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම නියමු ව්‍යාපෘතියක් වශයෙන් පසුගියදා බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකරවයා කීය.

බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 106 නිලධාරීන් සහභාගි කරගෙන බස් රථ 775 පරික්ෂා කළ බවත්, පරික්ෂා කළ බස් රථවල රියදුරන් 375 ගේ ඛේටය පරික්ෂා කිරීමෙන් ඉහත රියදුරන් 15 දෙනා හදුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගේ මුත්‍රා සාම්පල් වල ද මත්ද්‍රව්‍ය පරික්ෂා කර ඔවුන් එරෙහින නඩු පැවරීම කිරීමට නියමිතය.

විෂ මත්ද්‍රව්‍ය පානය කර බස් රථ ධාවනය කළහොත් මුල් අවස්ථාවේ දඩය රුපියල් 25,000 වන අතර, රියදුරු බලපත්‍ර රියදුරු බලපත්‍රය ද තාවතාලික අත්හිටුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව අනුව ඉදිරියේ දිවයින පුරාම මෙම මෙහෙයුම් සිදුරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.