web hit counter
ටී – 56ක් සමඟ මාට්ටු වූ භික්ෂුව

ටී – 56ක් සමඟ මාට්ටු වූ භික්ෂුව

රඹුක්කන ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩ වාසය කරන හිමිනමක් ටී – 56 මැගසින් 2ක් සහ උණ්ඩ 161 තොගයක් සමග ඊයේ (19) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව රඹුක්කන පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් මෙම හිමිනම හොරණ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුවක් බවයි සඳහන් වෙන්නේ.

විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් කරන ලද දැනුම්දීමක් මත මෙම සැකකාර ශිෂ්‍ය භික්ෂුව , මැගසින් දෙක සහ ජීව උණ්ඩ සමග පොලිස් භාරයට ගෙන ඇත.

එසේම එම විහාරස්ථානයේ වැඩ වාසය කරන තවත් භික්ෂුවක් ද ගංජා ග්‍රෑම් 850ක් ළඟ තබාගෙන සිටි බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )