දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු 700ක්

දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු 700ක්

දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීම් සඳහා ගුරු පුරප්පාඩු 700ක් පමණ පළාත් පාසල්වල පවතින බව බස්නාහිර පළාත් සභාව පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේ ඒ හේතුවෙන් එම මාධ්‍යවලින් විෂයන් ඉගෙන ගන්නා සිසුන් දුෂ්කරතාවයට පත්ව ඇති බවයි.

ප්‍රමාණවත් තරම් සුදුසුකම් සහිත උපාධිධාරීන් නොමැතිවීම පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට ගැටලුවක් බවද ඇය ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ පුරප්පාඩු සම්පූර්ණ කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පළාත් සභාව මේ වන විට උපදෙස් ඉල්ලා තිබෙනවා.

ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසුවේ එම උපදෙස් ලැබුණු පසු බඳවා ගැනීම් සිදු කරන බවයි.

ඒ අනුව පළාතේ සෙසු ගුරු පුරප්පාඩු සඳහා 2800කට අධික පිරිසක් පසුගියදා බඳවාගෙන තිබෙනවා.