web hit counter
මන්නා රමේෂ් ට රතු වරෙන්තු

මන්නා රමේෂ් ට රතු වරෙන්තු

මන්නා රමේෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු ලබාගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු පොලීසිය විසින් මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇත.

මන්නා රමේෂ් නමැති පාතාල නායකයා අවිස්සාවේල්ල ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ට මරණීය තර්ජන එල්ලකරමින් මිනීමැරුම්, කප්පම්ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු ගණයේ අපරාධවල නිරතවෙමින් සිටී.

පොලීසිය පවසා ඇත්තේ මේ වනවිට මන්නා රමේෂ් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙම අපරාධවල නිරතවන බවය.

මන්නා රමේෂ් මේ වනවිට සිදුකර ඇති මිනිස් ඝාතන, කප්පම්ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ ගණනාවකට අදාළ සියලු තොරතුරු සහ සාක්‍ෂි පොලීසිය විසින් ලබාගෙන ඇති අතර ඒ සියල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා ජාත්‍යන්තර පොලීසිය වෙත යැවීමට කටයුතු කරමින් තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )