ඉන්දියා – නවසීලන්ත තීරණාත්මක තරගය අද

ඉන්දියා – නවසීලන්ත තීරණාත්මක තරගය අද

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 21 වැනි තරගය අද (22) පැවැත්වීමට නියමීතයි.

ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සමගය.

එම තරගය දර්මසාලා හි හිමාචල් ප්‍රදේශයේදි අද පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතයි.

නවසීලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුහුණදුන් තරග 4ම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ අංක එකේ රැදී සිටියි.

සත්කාරක ඉන්දීය කණ්ඩායම ද තරග 4කට සහභාගි වී තරග 4ම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවෙයි.

මේ හේතුවෙන් අද තරගය කණ්ඩායම් දෙකටම ඉතා වැදගත් වනු ඇති බව ක්‍රිකට් විස්තර විචාරකයින් පෙන්වා දෙයි.

Share This