බ්‍රසීලයේ ගුවන් අනතුරකින් 12ක් ජීවිතක්ෂයට

බ්‍රසීලයේ ගුවන් අනතුරකින් 12ක් ජීවිතක්ෂයට

වයඹ දිග බ්‍රසීලයේ Acre ප්‍රාන්තයේ සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් දොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය පිරිස අතර කුඩා දරුවෙකු ද වන බවත් සඳහන්.

Acre ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ යානය තනි එන්ජිමකින් යුත් Cessna Caravan එකක් වන අතර එය රියෝ බ්‍රැන්කෝ ගුවන් තොටුපළ අසලදී කඩා වැටී ඇති බවයි.

අනතුරින් නියමුවා සහ සහායක නියමුවා ද එම ස්ථානයේදීම මියගොස් ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙම අනතුර මාස දෙකකටත් අඩු කාලයකදී එරටින් වාර්තා වූ දෙවන ගුවන් අනතුර වන බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවටත් බ්‍රසීල බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

Fourteen killed as tourist plane crashes in Brazil | The Independent

 

 

14 Killed As Plane Crashes In Brazil, No Survivors Left | World News, Times  Now

Share This