ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට තවත් තහනමක්

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට තවත් තහනමක්

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ බාමියන් පළාතේ Band-e-Amir ජාතික වනෝද්‍යානය නැරඹීම කාන්තාවන්ට තහනම් කර තිබෙනවා.

එරට අමාත්‍ය මොහොමඩ් කලීඩ් හනාෆි පවසා තිබෙන්නේ, කාන්තාවන් වනෝද්‍යානය තුළ දී හිජාබය පිළිබඳව සැළකිලිමත් නොවන බවයි.

විසඳුමක් ලැබෙන තුරු කාන්තාවන්ට ඇතුළුවීම තහනම් කරන ලෙසයි ඔහු ආගමික පූජකවරුන්ගෙන් සහ ආරක්ෂක ආයතනවලින් ඉල්ලා තිබෙන්නේ.

Band-e-Amir යනු සැලකිය යුතු සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථානයක් වන අතර එය 2009 දී ඇෆ්ගනිස්ථානයේ පළමු ජාතික වනෝද්‍යානය බවට පත් කර තිබෙනවා.

එය පවුල් පිටින් පැමිණ විනෝද වීම සඳහා ජනප්‍රිය ස්ථානයක් වන අතර කාන්තාවන්ට පැමිණීම තහනම් කිරීම නිසා බොහෝ දෙනෙක් උද්‍යානය නැරඹීම සඳහා නොපැමිණෙනු ඇතැයි විශ්වාසය පළ කරනවා.

2022 දෙසැම්බරයේදී කාන්තාවන්ට පාසල් පැමිණීම තලේබාන් සංවිධානය විසින් තහනම් කරනු ලැබුවා.

පසුව තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ කොණ්ඩා හා රූපලාවන්‍යාගාර වසා දැමීමට නියෝග කළ අතර ජූලි මැද භාගයේදී කාන්තාවන් ජාතික විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගවලට පෙනී සිටීමද නතර කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This